"ඔයාට මේ ඇතිද?"
"මගේ එකෙන් කාල ඔයාගෙ එකෙනුත් කනවා. එතකොට හරි..."
"ඔයා දන්නවද, ඉස්සර මම හිතුවේ නෑ ආයෙ කවදාවත්ම මම මෙහෙම ආදරේ කරන කෙනා එක්ක එළියට ඇවිත් Dinner එකක් ගන්න ලැබෙයි කියලා."
"ඒ ඇයි?"
"ඔයා මගේ ජීවිතේට එන්න කලින් මට හැමදේම එපා වෙලා තිබුනේ, මට ඒ දවස් වල ආදරේ කියන වචනයම විහිළුවක්. ඒත් දැන් ඒක හාත්පසින්ම වෙනස්..."
"මම ඔයාට දෙයක් කියන්නද?"
"හා කියන්න"
"රෝස කටුවක් ඇනුණා කියලා කවදාවත් රෝස මල් වලට වෛර කරන්න එපා, හීනයක් හැබෑ උනේ නෑ කියලා ජීවිතේ හැම හීනයක්ම අතාරින්න එපා, එක පාරක් වැටුනා කියලා උත්සාහය අතාරින්න එපා, කෙනෙක් ඔයාගෙ ආදරයට ද්‍රෝහි උනා කියලා හැම ආදරේම විශ්වාස නොකර ඉන්න එපා, දෙයක් වැරදුනු ගමන් සතුටින් ඉන්න තියන හැම වෙලාවක්ම දුකින් ඉන්න එපා. සමහරු ඔයාගෙ හිත රිද්දුව කියලා හැම යාලුකමක්ම අතෑරගන්න එපා. හැම වෙලාවකම තවත් හීනයක්, තවත් opportunity එකක්, කියලා අමතක කරන්න එපා. හැම අවසානෙකටම අළුත් ආරම්භයක් තියනවා ...💛🌻"

PS: As I mentioned in one of my previous poems, all these words and conversations are just my imagination. Sometimes, I imagine spending time with you like this, sharing conversations and moments that exist only in my mind.